කොරෝනා මරණ ගැන ව්‍යාජ පුවත් පළ කළ අයට වැඩ වරදියි

November 18, 2020

මහ මග කොරෝනා රෝගීන් මිය යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදි කඩුගන්නාවේදී හා හන්තානේදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

අදාළ පුද්ගලයන්ට මෙම ව්‍යාජ පුවත් ඔස්ට්‍රේලියාවේ හා ජපානයේ සිටින පුද්ගලයන් විසින් එවා තිබු අතර ඔවුන් ඒවා පළ කර ඇති බවද හෙතෙම සදහන් කළේය. විදෙස්ගත මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු සත්‍ය බවට තහවුරු කරනොගෙන පළ නොකරන ලෙස ඉල්ලා සිටියේය.

එලෙස තහවුරු නොවු පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම යම් වරදක සැකරුවෙකු බවට ඔබත් පත්වීමට හේතුවක් බැවින් එවැනි පුවත් ෂෙයාර නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේයැයි ද පැවසීය.

t

o

p