2021 අයවැය අඟහරුවාදා

November 15, 2020

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.  

අයවැය දෙවනවර කියවිමේ විවාදය දින 04ක් පැවැත්වීමට තීරණයකර ඇති අතර එය ලබන 18 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

අයවැය විවාදය දිනපතා පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00ට සිදුකිරීමට නියමිතව තිබේ.  

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.

t

o

p