හුදකලා ප්‍රදේශවල හුදකලා නොවු 22 ක් පොලිස් භාරයේ

November 14, 2020

කොරෝනා තත්ත්වය හේතුවෙන් හුදකලා ප්‍රදේශ ලෙස නම් කළ ප්‍රදේශවල නිරෝධායන නීති කඩ කළ 22 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ගුවන් හමුදාව එක්ව දියත් කළ මෙහෙයුමකින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක් හා ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් එම මෙහෙයුමෙන් මට්ටක්කුලිය, මෝදර හා ගල්කිස්ස යන ප්‍රදේශවලින් නිරෝධායන නිති කඩකල මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවසීය.

හුදකල කළ ප්‍රදේශවල ජනතාවට නිරෝධායන නීති අනුව කටයුතු කරමින් නිවෙස්වලට වී සිටින ලෙසත් සංචරණ සිමාකරන ලෙසත් දැනුම් දී තිබුණ ද මෙම පිරිස් එම උපදෙස් කඩකරමින් සංචරණයේ යෙදී සිටි බවද හෙතෙම කීවේය.

මොවුන්ට එරෙහිව නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී සෞඛ්‍ය රෙගුලාසියන්ට අනුව ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා තවදුරටත් සඳහන් කළේය.

t

o

p