ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ ලැබීමට තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඇන්ටිජන් කට්ටල මිලදී ගත්තේ ඇයි ?

November 14, 2020


කොරෝනා 19වෛරසය ආසාදිත දැයි සොයා ගැනීමට තිබෙන antigen සහ antibody යන පරීක්ෂණ දෙවර්ගයෙන් antigen වෛරසය පළවෙනි දවස් හතේ ශරීරය තුළ තිබියදී පමණක්  සීමිත  ප්‍රතිඵල  ලබා දෙන පරීක්ෂණය ක් බව රජිත සේනාරත්න මහතා පවසයි

මෙම පරීක්ෂණය සාර්ථක කර ගැනීමට නම් antibody පරීක්ෂණයක් සමඟ පරීක්ෂණ  දෙකම  සිදු කළ යුතු බව තමන් පෙබරවාරි මාසයේ සිට සඳහන් කරන බව සටහන් කළ ද  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේ ඊයේ බව ද ඔහු තවදුරටත් කියා සිටියේය .

ලංකාවට ගෙන්වූ  මෙම පරීක්ෂණ කට්ටල ,කරාපිටිය සහ අයි ඩී එච් යන රෝහල් දෙකෙහිදීම රෝගීන්ට ලබා දුන් නමුත් ඒවා අසමත් වූ නිසා ප්‍රජා පැප් පරීක්ෂණ පැවැත්වීමට සිදු වූ බව ද ඔහු කියා සිටියේය මෙම Rapid antigen පරීක්ෂණය ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතා වේගවත් වූ එකක් බව සඳහන් කළ රාජිත සේනාරත්න මහතා ඒ සඳහා ඔක්තෝම්බර් 28  සිට නොවැම්බර් දෙවැනි දා දක්වා වැඩ කරන දවස් එකක් පමණක් වෙන් වුවද ටෙන්ඩර් කරුවන් තිස් දෙනෙක් ඊට තරඟ වැදුණු බව සඳහන් කළේය .එතරම් වේගවත් හෝ බලධාරීන් corona මර්දනයේ  යෙදුණේ නම් මේවනවිට ලං ලංකාව කොරෝනා තුරන් වූ රටක් බව ද ඔහු සඳහන් කළේය .

මෙම ටෙන්ඩර් කරුවන් අතර කොරියන් පරීක්ෂණ කට්ටල ගෙනඑන ජෝජ් ස්ටුවර්ට් හෙල්ත් ඩොලර් 2.10 කට ලංසු තබා තිබිණි . මෙම පරීක්ෂණ කට්ටල ගෙන් වූ පසුව  ජාතික ඖෂධ නියාමන අධිකාරිය හි ඇගයීම ද විසි දෙවෙනිදා සිදුකොට විසි දෙවැනි දා ම නිකුත් කර තිබේ .

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පරීක්ෂණ කට්ටල අනුමත කර තිබුණද ඒ ලංකාවේ  නීති සහ රීතීන් ට යටත්වය.. සමහරක් අවස්ථාවල  අදාළ ඖෂධය හෝ භාණ්ඩය ඉතා හොඳ මට්ටමේ පැවතියද එහි  ඇසුරුම නිසි ප්‍රමිතියෙන් නොපවතින්නේ නම් නියාමන අධිකාරිය මේ ඖෂධ අනුමත නොකරයි .ඉන්දියාවෙන් වරෙක ආනයනය කළ පිළිකාකාරක  ඖෂධවලට ද එය සිදුවිය .

ඊට අමතරව , MDEC  ආයතනයද සහතිකයක් ලබා දිය යුතු නමුත් එම ආයතනයේ අවසන් රැස්වීම පවත්වා ඇත්තේ ඔක්තෝබර් හත් වැනි දා ය .එසේ වුවද දහනම වෙනි දාතම යෙදූ සහතිකයක්  මෙම පරීක්ෂණ කට්ටල සඳහා ලැබී ඇත .

ඇන්ටිජන් ටෙස්ට් කට්ටල  ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ මෙරටට  ලබාදීමට තිබියදීය මෙයාකාරයෙන් මිලදී ගැනීම් සිදු කිරීම සහ අත්‍යවශ්‍ය PCR කට්ටල  සඳහා  යොමු නොවීම බලවත් ගැටළුවක් බව මෙහිදී ඒ මහතා පැවසීය .

පෞද්ගලික අංශය විසින් මෙයාකාරයට පරීක්ෂණ කට රැගෙන ආවද ඒ සඳහා මාර්ගෝපදේශන ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාවලියක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා එය සිදුකළ නොහැකි බව කියා සිටියේය .

එමෙන්ම කොරෝනා පළවෙනි රැල්ල අවසානයේ දී පැවැත්විය යුතුව තිබුණේ ස්තූති කතා නොව  ඒ පිළිබඳව යලි උගැන්මක් බවද ඒ මහතා සඳහන් කළේය .

t

o

p