බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සදහා නෑ

November 14, 2020

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බොරැල්ල බන්ධනාගාරය සහ මැගසින් බන්ධනාගාරය හරහා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

මේ අනුව මඩකළපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා තමිල් මක්කල් විඩිතලෙයි පුලිහල් පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැඳවෙන බව ‍පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

t

o

p