මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරන්න ඉල්ලුවේ නැහැ

November 14, 2020

මන්ත්‍රී දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් මවිසින් හෝ වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙක් යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

මාධ්‍යයන්හී පළව ඇති පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට පදනම වූයේ 2006 නොවැම්බර් 11 වෙනි දින ගරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ වැටුප් දීමනා සම්බන්ධ යෝජනාවයි. ඒ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පඩි වැඩි කිරීමේ සූත්‍රය  

කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මන්ත්‍රීවරුන්ගේ පහසුකම් පිළිබඳව නිරතුරුව සාකච්ඡා වේ. මෙහිදි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව, නිවාස සහ අනෙකුත් පහසුකම් අඩු වැඩි වශයෙන් සාකච්ඡා වේ.

මන්ත්‍රීවරුන්ට මුහුණ පෑමට ඇති අමාරුකම් ගැන සාමූහිකව කරන ලද සාකච්ඡාවේදී ඉහත සඳහන් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ මෙම යෝජනාව ගැන මම කාරක සභාවට අවධානය යොමු කළා.

එය සාමූහික සාකච්ඡාවක් පමණයි. අවසානයේ නෛතික පදනමක් තිබුණත් මේ අවස්ථාවේදී පඩි වැඩි කිරීමට කාලෝචිත අවස්ථාවක් නොවන බව කාරක සභාව තීරණය කළා.

කාරක සභා රැස්වීමේදී කරන ලද මෙම සාකච්ඡාව පසුව පුවත්පත් වල සහ සමාජ ජාලා වල විකෘති කර පල වූ අතර, එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා. තවද, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මා මේ අවස්ථාවේදී සභාගත කරන ලෙසද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

t

o

p