ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල පෞද්ගලික අංශයෙන් ගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අපට අවශ්‍ය ප්‍රමාණය නොදෙන නිසයි

November 13, 2020

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීම සදහා වන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂන කට්ටල තවමත් රාජ්‍ය අංශයෙන් මිල දී ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදි අද (13) ප්‍රකාශ කළේය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද කීය.

කොරෝනා වෛරසය හදුනාගන්න පරීක්ෂණ දෙකක් කරනව. එකක් පී.සී.ආර්. පරීක්ෂණය. අනෙක ඇන්ටි ජෙන් ටෙස්ට් එක. ඇන්ටි බොඩි පරීක්ෂණය කරන්නෙ ශරීරයේ ඇතිවන ප්‍රතිදේහ හදුනාගැනීමට රෝගය වැලදුනාට පස්සෙ රෝගය තහවුරු කරගැනීම සදහා පවතින පරීක්ෂණයක්.ඒ් නිසා රෝගය හදුනාගැනීමට තියෙන්නෙ පී.සී.ආර් පරීක්ෂණය සහ රැපීඩ් ඇන්ටි ජෙන් පරීක්ෂණය කියන පරීක්ෂණ දෙක විතරයි. ඇන්ටි බොඩි පරීක්ෂණය කරන්නෙ නෑ.

රැපීඩ් ඇන්ටි ජෙන් පරීක්ෂණ වර්ග දෙකකුත් පී.සී.ආර්. පරීක්ෂණ 20කුත් අපි හදිසි තත්ත්වයන් යටතේ යොදාගෙන තියෙනව. හැබැයි ඇන්ටි ජෙන් ටෙස්ට් කියන්නෙ පී.සී.ආර් වෙනුවට කරන දෙයක් නෙවෙයි.

ලොකු පිරිසක් පැතිර යනකොට ලොකු පිරිසකට යොදාගන්න එකක්. ලෝක සෞඛ්‍ය සංවිධානය මේක නම් කරන්නෙත් මෑතකදි. මේ පිළිබද අපිට හිතුමතේ තීරණ ගන්න බෑ.

අපිට  රැපීඩ් ඇන්ටි ජෙන් පරීක්ෂණ ලක්ෂ දොළහමාරක් රාජ්‍ය අංශය වෙනුවෙන් ගන්න කියල 27 වෙනිද තමයි දැනුම් දෙන්නෙ. අපි ලබාගන්න පුලුවන් තැන් බැලුව. අපේ සෞඛ්‍ය අමාතශංශයේ ලේකම් තුමා ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ගන්න උත්සාහ කළා.

නමුත් ඒ් විධියට ලැබෙන්න සති දෙකකට වඩා යනව ඒ් නිසා ඉන්දියාව හරහා ලෝක සෞඛ්‍ය සංවිධාවයෙන් කට්ටල ලක්ෂ 2 ක් ගන්නත් කටයුතු කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලක්ෂ 3 ක් දෙන්නම් කිවුව.නමුත් ලක්ෂ දොළහමාරක්  අවශ්‍යයි. ඒ් නිසයි ඉතිරි ටික පෞද්ගලික අංශයෙන් මිලදීගන්න තීරණය කළේ.ඒ්ක හොරෙන් කළ දෙයක් නෙවෙයි. ඖෂධ සැපයීම් සංගමයේ සියලු දෙනාට කියල නිවැරදිවයි එය කළේ.

හදිසි ටෙන්ඩර් කැදවීමක් කළේ මේ රටේ ඇතිවුන හදිසි තත්ත්වය නිසයි.  ඒ් ටෙන්ඩර් වලින් පස්සෙ මිලදීගන්න නිවැරදි ක්‍රමවේදයක් තියෙනව. ඒ් නිසා මේ වෙනකම් කිසිදු රැපීඩ් ඇන්ටි ජෙන් පරීක්ෂණ කට්ටලයක් මිලදීගෙන නෑ. විපක්ෂය බොරු කියන්නෙ.

ඒ් නිසා මේ කරුණු කාරනා විකෘති කරල කියන්න එපා. නිළධාරීන්ට චෝදනා කරන්න එපා.රට නොමග යවන්න එපා. මේ රැපීඩ් ඇන්ටි ජෙන් ටෙස්ට් ලංකාවට ගෙන ඒමෙදී කිසිදු වරදක් සිදුවෙලා නෑ.

t

o

p