COVID-19 ට එරෙහිව සටන් කිරීම

November 13, 2020

පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටකි.සංසදය ආරම්භ කළ අවස්ථාවේ සිටම එහි පාර්ශව කරුවන් ගෝලීය පරිපාලනය වැඩිදියුණු කිරීම, බහුපාර්ශ්වීයත්වය ප්‍රවර්ධනය කිරීම සහ ලෝක සාමය ආරක්ෂා කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කිරීම සඳහා කටයුතු කරනු ලැබීය.

මෙම වැදගත් වේදිකාව ඉටු කළ කාර්යභාරය ධනාත්මක සහ වැදගත් වේ. ඒ සඳහා ජනාධිපති මැක්‍රොන්ගේ සහ ප්‍රංශයේ සියලුම දෙනාගේ සියලු උත්සාහයන් අගය කරමි.

මේ වන විට ගෝලීය භූ දර්ශනය වේගයෙන් පරිණාමය වෙමින් පවතී. සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන දිගින් දිගටම මතුවෙමින් තිබේ. ජාත්‍යන්තර තත්වය තුළ අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතාවයන් වර්ධනය වෙමින් පවතී.

ගෝලීය තර්ජන හා අභියෝග සඳහා ගෝලීය ප්‍රතිචාර අවශ්‍ය වේ. මේ සත්‍යය මූලික  කරගෙන පහත සඳහන් යෝජනා තුන ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි:

පළමුව, COVID-19 එරෙහිව සටන් කිරීමේදී අපි සහයෝගීතාවය පෙන්වමින්  එකිනෙකාට උදව් කළ යුතුවේ.  කොරෝනා වෛරසය තවදුරටත් ලෝකය පුරාම විනාශයන් ඇති කරමින් තිබේ.

අප මිනිසුන් සහ ජීවිත වලට මුල් තැන දිය යුතු අතර, මිනිසුන්ගේ යහපැවැත්මට මූලිකත්වය දීම, විද්‍යාවට ගරු කිරීම සහ වඩාත් ඉලක්කගත හා සාමූහිකව ප්‍රතිචාර දැක්විය යුතුය. COVID-19 ට එරෙහි ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයට පහසුකම් සැලසීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණාත්මක නායකත්වයේ කාර්යභාරය සඳහා අප පූර්ණ දායකත්වයක් ලබා දිය යුතුය.

චීනය විසින් වෛරසය ගැන ඇති අත්දැකීම් සහ රෝග විනිශ්චය මෙන්ම චිකිත්සාව පිළිබඳ විශේෂඥ දැනුම අඛණ්ඩව බෙදාහදා ගනු ඇති අතර අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සඳහා සහාය ලබා දෙනු ඇත.

චීන එන්නත් ගෝලීය වශයෙන් පොදු මහජන යහපත වෙනුවෙන් යොදා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලට චීනය ගරු කරනු ඇත. චීනය ගෝලීය ප්‍රජාවට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට, මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා අවශ්‍යය සූදානම් වීම් වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇත. අප සැමට එකතු වී, සෑම දෙනා සඳහා වූ ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගිය හැකිය.

දෙවනුව, යතා තත්වයට පත්වීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා විවෘතභාවය සහ සහයෝගිතාවය වැළඳ ගනිමු. සති දෙකකට පෙර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ පස්වන සමුළුව පැවති අතර එහිදී  ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්ම සහ 2035 සඳහා දිගුකාලීන අරමුණු සම්පාදනය කිරීම පිළිබඳ නිර්දේශයන් සාකච්ඡා කොට සම්මත කරන ලදී.

මෙම වැඩපිළිවෙල චීනයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මූලික වේ.  චීනය අඛණ්ඩව නව සංවර්ධන දර්ශනය අනුගමනය කරනු ඇත. නව සංවර්ධන ආදර්ශයක් පෝෂණය කරනු ඇත. එසේම උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා ගමන් කරනු ඇත.

මේ සඳහා චීනය අවශ්‍යය ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ ලෝකයට පුළුල් ලෙස විවෘත කිරීම සඳහා කැපවී සිටිනු ඇත. ගෝලීය කාර්මික හා සැපයුම් දාම ස්ථාවරව තබා ගැනීමටත් විවෘත ලෝක ආර්ථිකයක් පෝෂණය කිරීමටත් චීනය සෙසු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරනු ඇත. දුප්පත්ම රටවල් සඳහා වන ජී 20 ණය සේවා අත්හිටුවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් කටයුතු කරනු ඇත.

චීනය ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාවයට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන අතර අප්‍රිකානු සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කරනු ඇත.  හරිත ආර්ථිකය මානව ප්‍රගතියේ අනාගතය නියෝජනය කරයි. ප්‍රතිසාධනය ප්‍රවර්ධනය කිරීමේ යතුර ද එය සතුව ඇත.

චීනය සහ යුරෝපය යන දෙකම හරිත සංවර්ධනයේ අනුගාමිකයන් වන අතර දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙරටම කැපවී සිටිති. 2030 වන විට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය උපරියෙන් අවම කිරීම සඳහා ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත.

එසේම 2060 වන විට කාබන් නැති තත්වය ළඟා කර ගැනීමට චීනය ප්‍රමුඛව කටයුතු කරන බව මම නිවේදනය කළෙමි.  ලබන වසරේදී චීනය, යුරෝපය සහ ප්‍රංශය ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාස සහ සොබාදහම සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පවත්වනු ඇත. මෙම ක්‍ෂේත්‍රයන්හි සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා අපට එවැනි අවස්ථාවන් භාවිතා කළ හැකිය.

තෙවනුව, ලෝක සාමය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා යුක්තිය තහවුරු කරමු. සාමකාමී සහජීවනයකට අප අනුගත විය යුතුය. අප වෙනත් රටවල සංවර්ධනයට ඇති අයිතියට ගරු කළ යුතුය. අප බහුපාර්ශ්වීයත්වය තහවුරු කරමින්  ඒකපාර්ශ්විකත්වයට, ආධිපත්‍යයට හා බල දේශපාලනයට විරුද්ධ විය යුතු අතර, සියලු ආකාරයේ ත්‍රස්තවාදය සහ අන්ත ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රතික්ෂේප කළ යුතුය.

ලෝකයේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා අප එක්ව කටයුතු කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් වන චීනය සහ ප්‍රංශය ලෝක සාමය සඳහා විශේෂ හා වැදගත් වගකීම් දරති. චීනය සාමකාමී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. චීනය සාමකාමී සංවර්ධනයේ මාවතට කැපවී සිටී.

ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් පිළිපැදීමටත්, එක් එක් කාරණයේ සුදුසුකම් පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය තීරණය කිරීමට ඇති අයිතියට ගරු කරමින්  පටු දෘෂ්ටිවාදාත්මක නැඹුරුව හා ගැටුම්  වලට ඇති නැඹුරුව අභිබවා කටයුතු කරන ලෙස අපි සියලු රටවලින් ඉල්ලා සිටිමු.

චීනය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් සමඟ සන්නිවේදනය හා සම්බන්ධීකරණය වේගවත් කිරීමට බලාපොරොත්තු වන අතර ජාත්‍යන්තර හා කලාපීය වශයේ ඇති දේශපාලන ගැටළු විසඳීම සහ ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

චීන කියමනට අනුව, “විශ්වීය මාර්ගය සියලු දෙනාගේම යහපතට හේතු වේ.” සාමය හා සංවර්ධනය අපේ කාලයේ තේමාවයි. ඒවා ඉතිහාසයේ නොනවතින ප්‍රවණතාවයි. මානව වර්ගයා මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින්, රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය.  

රටවල් වලට අවශ්‍ය වන්නේ සහයෝගීතාව ඉදිරියට ගෙන යාම මිස ගැටුම් අවුලුවාලීම හෝ වෙන්වීම නොවේ. මානව වර්ගයා වෙනුවෙන් හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට සහ ගෝලීය ප්‍රජාවට වැඩි ප්‍රතිලාභයක් ලබා දීම සඳහා අපි අත්වැල් බැඳ ගනිමු..

t

o

p