වැඩ බලන ස්ථානාධිපති ගේ පැමිණීමෙන් රාගම කැලබෙයි

November 9, 2020

නීතියේ ආධිපත්‍යය ගිලිහී තිබු රාගම පොලිස් බල ප්‍රදේශයට වැඩ බලන ස්ථානාධිපතිවරයෙකු පැම්ණීමත් සමග නීති විරෝධි කටයුතුවල නිරතවන රාගම කණ්ඩායම් කැලබීමට පත්ව ඇත.

රාගම කුඩු, කසිප්පු හා නීති විරෝධි ක්‍රියාකාරකම් කරන්නන්ගේ පාරාදීසයක් බවට පත්ව තිතිබෙන බව එම ප්‍රදේශයේ ජිවත් වන උගත්, බුද්ධිමත් සැම ප්‍රකාශ කරන්නකි .

පැමිණි කිසිදු පොලිස් ස්ථානාධිපති වරයෙකුට එය විසදීමට නොහැකි වූ බව ප්ප්‍රදේශවාසීන් පවසයි .

හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා කොරොනා ආසාධනය වීමත් සමග වැඩ බලන ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.බි අබේරත්න පත්ව ආ අතර ඔහුගේ පළමු රාජකාරිය වූවේ එතෙක් නිරෝධායන ඇදිරිනීතිය නොතකා මාරගයේ සිටි ජනතාව හා වාහන ලොකු පොඩි බේදයකින් තොරව පොලිසියට රැගෙන යාමයි.

ඉන් පසු සාමාන්‍ය දිනක මෙන් වාහන පිරී පැවැති රාගම නගරය සැබෑ ඇදිරිනීති ස්ව්භාවයක් ගැනීම සම්බන්ධයෙන් ජනතාව අතර ඇතිවූවේ අසීමිත සතුටකි.

එසේම නිතිවිරෝධි ක්‍රියා කරන්නන්ද මේ වනවිට සැගව ඇතැයිද රාගම නගරවාසීහු පවසති. එම නිසා රටටම අවැසි මෙවන් පොලිස් නිලධාරින් බව රාගම ජනතාව පවසයි.

t

o

p