පුරවැසියා වනුයේ අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා වන අතර වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් එම හපන් කම දැක් වූ දෙවැන්නා ලෙස සිය නම රඳවා ගැනීමට නව පරපුරේ හේතුවාදියකු හා නිදහස් චින්තකයකු වන වෛද්‍ය යමින්ද ජයරත්නට හැකි වී තිබේ.මෙහි පළ වන්නේ කොරෝනා සඳහා ප්‍රතිකාරයක් ලෙස මේ දිනවල සමාජ කතිකාවට ලක් වන සුදර්ශන පැනිය සම්බන්ධයෙන් ඔහු විසින් නඟනු ලබන ප්‍රශ්න කිහිපයකි].
කොරෝනා වසංගත තත්වය සමඟ එයට සාර්ථක නූතන වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාරයක් සෙවීම මුළු ලෝකයටම ඇති ප්‍රධානතම ගැටලුවකි. එවන් තත්වයක් යටතේ විවිධාකාර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීම් ලෝකයේ සෑම තැනකින්ම වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ ද එම තත්වය ඒ අයුරින්ම දක්නට ඇත. ආයුර්වේද , පාරම්පරික
වෙදකම් මෙන්ම විවිධාකාර යන්ත්‍ර සූත්‍ර මන්ත්‍ර ගුරුකම් , ආගමික යාඥාවන්
, පෙරුම්කායම් වලලු මාල , දුම් හට්ටි ඇල්ලීම් ආදිය මෙන්ම කුණ්ඩලනී නම්
ශක්තියක් මගින් කොරෝනා සුව කළ හැකි බව පවසන පුද්ගලයන් පිළිබඳ
විවිධාකාර කතාබහ සමාජය තුළ දක්නට ඇත.
රාජ්‍ය අනුග්‍රහය ඇතිව ලංකාවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ දේශීය ආයුර්වේද වෛද්‍ය සභාව විසින් මෑතකාලයේ කොරොනා රෝගය වෙනුවෙන් යැයි පවසා “සුවධරණී” නමින් ප්‍රතිශක්තිකරණ පානයක්ද හඳුන්වා දී ඇත.
එම පානය ආයුර්වේද රෝහල් හරහා ජනතාවට ලබාගැනීමට අවස්ථාවද ලබාදී ඇත. එය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මුල් කොට ආයුර්වේද වෛද්‍ය සභාව සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඔවුන්ගේ ශාස්ත්‍රීය පදනමේ සිට සිදු කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයක් බැවින් බටහිර හෙවත් ඇලෝපති වෛද්‍යවරුන් වන අප හට ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නැත එසේම මීට දින කිහිපයකට කලින් නැවතත් එවැනිම “සුදර්ශන පැණිය” නම්වූ ආයුර්වේද බෙහෙතක් කොරෝනා වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය මත හදුන්වා දෙන ලදී.
මෙවර එහි විශේෂත්වය වන්නේ එය කොරෝනා රෝගින්ට වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙස රජයේරෝහල් වලටද ලබාදෙන බව චන්න ජයසුමන
රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමයි.
මෙසේ හතු බිහිවෙන්නාක් මෙන් සමාජ කරලියට පැමිණෙන විවිධාකාර වූ පෙති, දුම්, පැණි, කසාය, කල්ක , චූර්ණ වර්ග නූතන බටහිර වෛද ක්‍රමය මඟින් ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට තම රෝගීන්ට ප්‍රතිකාර ලෙස යොදා ගන්නා ලෙස යෝජනා කරන ඇමතිවරුන් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගෙන් ඇසීමට ප්‍රශ්න කිහිපයක් අපට ඇත.
1. ඖෂධයක් මිනිසෙකුගේ කිසියම් කුමන හෝ රෝග තත්වයකට ප්‍රතිකාර සදහා යොදාගැනීමේදී කළ යුතු විධිමත් මූලික ඖෂධීය සහ සායනික පරික්ෂාවන් මෙම පැණිය සඳහා සිදුකලාද , සිදුකළා නම් එවා මොනවාද ( එවැන්නක් සිදුකර නැතිබව අපි දනිමු )
2. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය වත් නොමැති මෙම පැණිය රෝගීන්ට දීමට සුදුසුයැයි පැවසීමට ඔබලාට ඇති බලය සහ ,අයිතිය කුමක්ද?
3.මෙම පැණිය දියවැඩියාව,අක්මා, වකුගඩු රෝග ගර්භිනී බව ආදී විවිධාකාර වූ තත්වයන් යටතේ වන කොරෝනා රෝගීන්ට සුදුසු බවට සායනික පරික්ෂාවන්ට ලක්කර එමගින් ඇතිවන ප්‍රතිපල සහ සංකූලතාවයන් පිළිබඳව සිදුකල අධ්‍යනයන් මොනවාද?
[එවැනි විධිමත් සායනික පරීක්ෂාවන් සිදුවී නොමැති බව ද දනිමු]
4. ආයුර්වේද හෝ වෙනයම් වෛද්‍ය ක්රමයක භාවිතා වන ඖෂධයක් බටහිර වෛද්‍ය ක්‍රමය සිදුකරන වෛද්‍ය වරයෙකු භාවිතා කිරීම ඉතාමත්ම බලවත් වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය කිරීමක් බවත්,එය එම වෛද්‍ය වරයාගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ඇති ලියාපදිංචිය අහෝසි කිරීමටත් හේතුවක් වන බව ඔබලා නොදන්නේද?.
5. මෙම පැණිය පාවිච්චි කිරීමේදී එමගින් යම්කිසි අවස්ථාවකදී රෝගීයෙකුට
සංකූලතාවයක් ඇතිවුව හොත් ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳව වෛද්‍ය වරුන් දැනුවත් කොට තිබේද?[එවැන්නක් ද සිදු කොට නැත]ඒ තත්වයන් යටතේ රෝගියාගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් එහි වගකීම ගන්නේ කවුරුන්ද?
නිදහස් චින්තකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා හේතුවාදී සංගමය වෙනුවෙන්
වෛද්‍ය යමින්ද ජයරත්න