බස්නාහිර පළාත සම්පූර්ණයෙන් විවෘත කෙරේද ?

November 8, 2020

නිරෝධායන ඇඳිරිනීතිය එළැඹෙන 09වැනි සඳුදා ඉවත් කෙරුණත් බස්නාහිර පළාතේ තෝරාගත් ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදකලාකර තැබීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු පැවසුවේ, “අපි රජයක් හැටියට තෝරාගත්ත ප්‍රදේශ පමණක් නිරෝධායනයට ලක්කරලා ඉතිරි ප්‍රදේශ ජනතාවගේ දෛනික කටයුතුවලට විවෘතකරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ,” යනුවෙනි. 

ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ලොක්ඩවුන් තත්වයේ පවතින බවද දන්වා සිටි අතර එම ප්‍රදේශ වලින් පිටවීමට ඇතුළුවීමට තහනම් කර ඇති බව කීය.
එම හුදෙකලා කළ ප්‍රදේශද ඔහු නම් කළ අතර ඒවා මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කයේ
මට්ටක්කුලිය,මෝදර, බ්ලූමැන්ඩල්. කොටහේන, ග්‍රෑන්ඩ්පාස්,වෙරළබඩ පොලිසිය,ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත
 

ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල,පෑලියගොඩ, කඩවත,රාගම, මීගමුව, පමුණුගම ජාඇල සහ සපුගස්කන්ද
 

කළුතර දිස්ත්‍රික්කය
හොරණ ,ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරි වසම
 

කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල නගරසභා සීමාව
කුලියාපිටිය පොලිස් වසම
 

කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල හා රුවන් වැල්ල

t

o

p