බණ්ඩාරවෙල නිරෝධායනය කළ ටෙලි නාට්‍ය කණ්ඩායම ගෙවල් වලට

November 6, 2020

බණ්ඩාරවෙල රූගත කිරීමකට ගොස් සිටියදී නිරෝධායනයට ලක්කල ටෙලිනාට්‍ය කණ්ඩායම දින 6කට පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය නිලධාරී කියයි.

පසුගිය 4 වැනිදා පැවැති කොවිඩ් 19 නිවාරණය පිළිබද පළාත් කමිටු රැස්වීමේදී මෙම කණ්ඩායමේ ගැටලුව සාකච්ඡාවට ගෙන ඇති අතර මෙහිදී එම කණ්ඩායමට ‘‘තෝරාගැනීම්‘‘(option) 3ක් ලබා දීමට තීරණයකට එළබ ඇත.

1. ඔවුනට බණ්ඩරවෙලට පැමිණි වාහනයෙන්ම නැවත්ත තමන් පදිංචි නිවෙස් කරා යා හැක. නමුත් වාහනය අතරමග කිසිදු තැනක නවතා සමාජය අතරට යා නොහැක. අනතුරුව ඔවුන් තමතමන්ගේ නිවෙස්වල දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු වේ

2. දින 14ක කාලයක් බණ්ඩාරවෙල නිරෝධායනය කර ඇති ස්ථානයේම නිරෝධායනය රූගත කිරීමේ කාර්යය කරගත හැක.

3.දැන්ට නිරෝධායනය වෙමින් සිටින හෝටලයේම නැවතී සිටිමින් තමන් පැමිණි වාහනයේම රූගත කිරීම් සඳහා පිටත්ව ගොස් කිසිදු ආකාරයකින් සමාජය හා මිශ්‍ර නොවී රූගත කිරීම් සිදු කොට නැවතත් ඒ වාහනයෙන්ම හෝටලයට පැමිණ සිටිය යුතුය.

ශිල්පීන් පිරිස පළමු තොරාගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

තමන්ගේ නිවෙස් කරා ගොස් නිරෝධායනය වී කොරෝනා තත්ත්වය සමනය වූ පසු තමන් යළිත් රූගත කිරීම් සඳහා පැමිණෙන බව මෙහිදී ඔවුන් පවසා ඇත‍.

t

o

p