24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

November 5, 2020

මෙරට 24 වන කොරෝනා ආසාදිත මරණය කොළඹ 13 ප්‍රදේශයෙන් වාර්තා විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 79 හැවිරිදි කාන්තාවක එලෙස මියගොස් ඇති බවයි.

නිවසේදී මියගොස් ඇති එම කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත්තේ ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වු බවත් ,නිධන්ගත රෝගයන්ගෙන් පෙළුනු බවත් , පශ්චාත් මරණ පරික්ෂණයේදී වාර්තා වී තිබේ.

t

o

p