කොළඹ වරායේ තවත් 200ක් සඳහා PCR පරීක්‍ෂණ සිදු කරයි

November 4, 2020

කොළඹ වරායේ මෙහෙයුම් අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වාගෙන යෑම සඳහා කැප වී සිටින සේවක මහත්ම මහත්මීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්‍ෂිතව පවත්වාගෙන යෑම සඳහා අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් සඳහා  පොලිමර් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂාව (PCR) ට ලක් කරනු ලැබී ය.

කොළඹ වරාය යාත්‍රා අංගන පරිශ්‍රයේ දී පැවැති PCR පරික්‍ෂාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  කළමණාකාරීත්වය විසින් අඛණ්ඩව එහි සේවක මහත්ම මහත්මීන්ගේ සහ වරාය භාවිතා කරන්නන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ගත් තවත් එක් පියවරකි.

කොළඹ වරායේ මෙහෙයෙුම් කටයුතු අඛණ්ඩව සිදු වන අතර, රට පුරා උද්ගත වී ඇති අධි වසංගත තත්ත්වයෙන් වරායේ මෙහෙයුම් හා ඊට අදාල සියළුම සේවාවන් සහ සම්බන්ධ වන සියළුම අයවළුන්ගේ සෞඛ්‍ය සුරක්‍ෂිතභාවය සඳහා සෑම පියවරක් ම ගෙන ඇත. එසේ ම සෞඛ්‍ය බළධාරීන් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාවට ද නංවා ඇත.

PCR පරික්‍ෂණ අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයා රත්නායක, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ (තාක්‍ෂණ) සුසන්ත අබේසිරිවර්ධන යන මහත්වරුන් ද එක් වූ හ.

t

o

p