කොරෝනාවෙන් දිස්ත්‍රික් ආරක්ෂා කර ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට

November 4, 2020

කොවිඩ් 19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම තමන්ගේ දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත් ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය තින්දු තීරණ ගැනීමටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට බලය පැවරීමට ආණ්ඩුව පියවර ගනියි.

මේ වසංගත තත්ත්වය පාලනය කරමින් රටේ ආර්ථිකය හැකිතාක් ඉහළ මට්ටමක රඳවා ගැනීමටත් ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑමටත් රජය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අරලියගහ මන්දිරයේ දී ඊයේ (03) පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

t

o

p