එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතරමංව සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක්

November 4, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ආරක්ෂිත නිවාස 150ක පමණ අතරමංවී සිටිනු ලබන ශ්‍රී ලාංකිකයින් මෙරටට යළි ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරන බවත් ඒ සඳහා හැකි ඉක්මනින් ගුවන් යානා දෙකක් එරටට පිටත් කර යැවීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති රැස්වීමකදීය.

එම රැස්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය සේවයේ ප්‍රධානින් රැසක් එක්ව සිටියා.

t

o

p