බස්නාහිර සුදුසුකම් ලත් පවුල්වලටත් රු.5000 දීමනාව

November 3, 2020

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් නොලැබෙන සහ ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ බස්නාහිර පළාතේ සුදුසුකම් ලත් පවුල්වලට රුපියල් 5000 දීමනාව පිරිනැමීමට තීරණය කළ බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (2) පැවැති සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය. 

නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන පවුල්වලට රුපියල් 10,000ක වටිනාකමක් සහිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් මේ වන විට ලබාදෙමින් පවතින අතර එම පවුල් හැර බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්කවල සුදුසුකම්ලත් පවුල්වලට මෙම රුපියල් පන්දහසේ දීමනාව පිරිනැමෙන බවත් රාජපක්ෂ මහතා පැවසීය.

t

o

p