සංත්‍රාස මිල දී ගැනීමක්! සහ රංචුහැසිරීමක්!

November 2, 2020

බස්නාහිර පලාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය
නොවැම්බර් 09 දා තෙක් දීර්ඝ කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා කෙරෙහි ඇතිවන අසීමාන්තික උනන්දුව සමාජ අර්බුදයක් වශයෙන් ඉස්මතු වීමේ අවදානමක් දක්වා ඉහළ නැංවීමට පුළුවන මෙවන් ව්‍යාකූල තත්වයන් නිසා ජනතාව තුළ හටගන්නා අවිනිශ්චිත බව මත ඇතිවන අධි පාරිභෝගිකත්වය සංත්‍රාස මිල දී ගැනීම (Panic buying) යනුවෙන් සමාජ
විද්‍යාවේ විස්තර කෙරේ.

පුද්ගල සිතුවිලි එකිනෙකා අතර සම්ප්‍රේෂණය වීම මත සිදුවන ‘රංචුහැසිරීම’ (Herd behavior) නම් වන පොදු සත්ත්ව ගතිය හා මෙහි යම් සබැඳියාවක් තිබේ. එහි දී එසේ මිලට ගනු ලබන භාණ්ඩ වල ප්‍රමිතිය සහ මිල
යන සාධක පිළිබඳව ජනතාව වැඩි තැකීමක් නොකරති. නමුත් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් සියතට ගැනීමේ ක්‍රියාවලිය හෙවත් සංත්‍රාස මිලදී ගැනීමක් මේ වනවිට රටපුරා ක්‍රියාත්මක වෙයි.

ඊට අමතරව බැංකුවල පවත්නා මුදල් සංචිත ශීඝ්‍රයෙන් පිටතට ගැනීමේ බැංකු ධාවන (Bank run) ක්‍රියාවලියක් ද මේ දිනවල සිදුවෙයි. වත්මන් කොරෝනා අවදානම ශීඝ්‍රයෙන් ඉහළ නැංවුණහොත් එම බැංකු සතු මුදල් සංචිත
වේගයෙන් සිඳීයාම නිසා එමගින් ද අප රටේ ආර්ථික අවපාතයක් ‘ආර්ථික ඉඩෝරයක්’ හට ගැනීමේ පහසු අවදානමක් පැන නැඟිය හැකි බව සමාජ හා ආර්ථික විද්‍යාඥ මතයයි.

තිලක් සේනාසිංහ

t

o

p