කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය විෂබීජානුහරණයට ලක් කෙරේ

November 2, 2020

කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය විෂබීජානුහරණයට ලක් කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සංවිධානය කිරීම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමෙන්තුව හා ඛණිජතෙල් හා තොග ගබඩා කිරීමේ පර්යන්තය මඟින් සිදුවිය.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලු අධිකරණ පරිශ්‍රය විෂබීජානුහරණය කිරීමේ අවස්ථාවට බස්නාහිර දිසා බාර ජ්‍යේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ලංකා ඛණිජ තෙල් හා තොග ගබඩා කිරීමේ පර්යන්තයේ සභාපති මොහමඩ් උවයිස් මහතා සහ පොලිසියේ සහ ලංකා ඛණිජතෙල් තොග ගබඩා කිරීමේ පර්යන්තයෙහි ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

යම් දිනක එන්නතක් හෝ ස්ථිර විසදුමක් සොයාගන්නා තුරු රට සුරක්ෂිතව ඉදිරියට ගෙනයාම සිදුකලයුතු බව සඳහන් කල අමාත්‍යතුමා නීතිඥවරුන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම අවස්ථාව සංවිධානය කරන ලද බව ප්‍රකාශ කලේය.

t

o

p