ලංකා ඉතිහාසයේ දරුණුතම වසංගතය හමුවේ දහස් සංඛ්‍යාත ජනතාවක් තම ජීවිතය රැක ගැනීම වෙනුවෙන් මේ වනවිට මහා සටනක යෙදී සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ එම ව්‍යාපාරයේ පැවති මාධ්‍ය හමුවකට ඊයේ (2) එක් වෙමිනි.
ජනතාව මුහුණ පා ඇති පීඩනය හොඳින් දන්නවා. රට හා මහ ජනතාව බේරා ගැනීම සඳහා පියවර ගන්නා ලෙස ආණ්ඩුවේ නායකත්වයෙන් ඉල්ලා සිටිනවා.මේ තත්ත්වයට මුහුණ දී සිටින සියලු දෙනාට දේශපාලන බේදයකින් තොරව සහනයක් සැලසිය යුතුසලසන ලෙස ඒ මහතා ජනාධිපතිවරයාට සහ රජයට ආයාචනා කර සිටියි.
පසුගිය සති අන්තයේ කතානායකවරයා 20 වන සංශෝධනය අත්සන් කළ පසු ශ්‍රී ලංකා ජනාධිපති පදවිය ලෝකයේ ඉතා බලවත්ම පදවියක් බවට පත්වුණා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්‍රතිපත්තිමය වශයෙන් 20 වන සංශෝධනය සමඟ එකඟ නොවන අතර අනාගතයේදී බලයට පත්වීමට ඉඩක් ඇති බලලෝභි ජනාධිපතිවරයෙකුට මේ බලතල උපයෝගී කරගෙන ආඥාදායක පාලනයක් බිහිකිරීමට හැකිබව අප නැවතත් අවධාරණය කරනවා. ඒ බිය අප තුළ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා මේ අසීමිත බලතල උපයෝගී කරගනිමින් මේ රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කරදැමීමට කටයුතු නොකරනු ඇතැයි අප විශ්වාස කරනවා. එතුමා මුළු රටේම රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි. අප පිළිගතයුතු යථාර්තය වන්නේ ජනාධිපතිවරයාට මේ අසීමිත බලය ලැබුණේ පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් විසින් ඊට අනුමැතිය දුන් නිසා බවයි.
කෙසේ නමුත් ඒ ආකාරයට 2/3 ක බලය ලබාගත් ක්‍රමවේදය පිළිබදව අදහස් පළකිරීමට අප මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ නැත. එහෙත් ගෞරවණීය සෝභිත නාහිමිපාණන් වහන්සේගේ දර්ශණය අනුගමනය කරන සිවිල් සමාජ ආයතනයක් ලෙස සඳහන් කල යුත්තේ එදා පාර්ලිමේන්තුව තුළ 2/3ක ඡන්දය ලබාගැනීම සඳහා අනුගමනය කරඇති ක්‍රම සහ විධි ප්‍රතිපත්ති ගරුක ආකාරයට සිදු වූයේ නම් එය කාගේත් ගෞරවයට පාත්රවීමට ඉඩ තිබූ බවයි. විශේෂයෙන්ම එය එසේ වූයේනම් ජනධිපතිවරයා කෙරෙහි විශ්වාසය තැබූ ජාතිකවාදී බලවේග වලට යම් සැනසීමක් ලැබෙනු ඇත.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද ප්‍රකාශ කරන මෙම අදහස් සත්භාවයෙන් කෙරෙන අතර රජය එය මැනවින් තේරුම් ගනු ඇතැයි අප විශ්වාස කරනවා. දැන් සිදුවිය යුත්තේ 20 වැනි සංශෝධනය පෙට්ටගමට දමා වසා තබා ජනතාව ජීවත් කරවීමේ මහා කාර්යයභාරයට කැප වීමයි.
මාස කිහිපයකින් එළිදකින නව ව්‍යවස්ථාවෙන් බලය ලබාගැනීමේ කටයුතු කළ හැකියි. අපි මෙම කරුණු සඳහන් කරන්නේ ජනතා කෝපය දැන් රට වටින්ම ඇසෙන හෙයින්. 20 වැනි සංශෝධනයෙන් ලැබූ දේශපාලන බලය තහවුරු කරගැනීම වෙනුවට පුරවැසියන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මුළු රටම එක් විය යුතු අවස්තාව එළඹ ඇති බව අපගේ හැඟීමයි.
පසුගිය සති කිහිපය තුළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, යුධ හමුදාව, හා පොලීසිය කොවිඩ් 19 වෙනුවෙන් සටන් කරද්දී රජයේ සමහරුන්, 20 වන සංශෝධනය වෙනුවෙන් රට දෙවනත් කළ ආකාරය බුද්ධිමත් ජනතාවට රහසක් නොවේ.
1978 ව්‍යවස්ථාවෙන් බිහි කළ විධායක ජනාධිපති පදවිය අහෝසි කළ යුතු යැයි 1995 දී පැවති පක්ෂ සම්මේලනයේ දී අප යෝජනා කළේ එහි ආදීනව තේරුම් ගත් නිසයි.
1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එදා අපිත් සමඟ එක්ව සිවිල් සමාජය හා ජනතා විමුක්ති පෙරමුණේ සහභාගීත්වයෙන් 17 වැනි සංශෝධනය ගෙන ඒමට ක්‍රියා කළේ විධායක බලය අයුතු ලෙස පාවිච්චි කරන ලද වයඹ මැතිවරණයේ දී සිදුවූ ක්‍රියාවන් දෙස බැලීමෙන් එතුමිය තේරුම් ගත්තා පළාතේ සමහර මන්ත්‍රිවරුන් විසින් නින්දිත ආකාරයට මිනී මැරීමට, ගෙවල් ගිණි තැබීමට, විරුද්ධ දේශපාලන විරුද්ධ මතධාරීන් ගේ අත් පා කැඩීමට පියවර ගත්තා යැයිද ඒ මහතා කියා සිටියේය.