ළමුන් අනතුරේ හෙලන අන්තර්ජාල අන්තර්ගතයන්

October 29, 2020

මේ දිනවල දරුවන් බොහෝ ප්‍රමාණයක් නිවෙස්වල සිටින අතර ඒ හේතුවෙන් බොහොමයක් දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සහ වෙනත් පරිබාහිර කටයුතු සිදුකරගැනීමට වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට යොමුව තිබේ. මෙය අවස්තාවක් කරගනිමින් තම යූටියුබ් ආදායම ඉහල නංවා ගැනීමට මෙම යූටියුබ් චැනල් මෙහෙය වන්නන් යුහුසුළුව කටයුතු කරන බවතේ අසභ්‍ය සිංහල යූටියුබ් වීඩියෝපට බොහෝමයක්ම “Photoshop for beginners Sinhala, excel tutorials in Sinhala, Fiverr easy for beginners Sinhala” වැනි නම් වලින් පවතින නිසා කුඩා ළමුන් අසභ්‍ය හා ලිංගික කුතුහලය මතුකරන වීඩියෝපට සදහා ඉතා පහසුවෙන්ම ග්‍රහණය වන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇත.

කුඩා දරුවන් මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලය සහ යූටියුබ් අඩවිය තුල යොදාගනු ලබන keyword අසභ්‍ය අන්තර්ගතයන් ප්‍රවර්ධනය සදහා යොදාගෙන ඇති බවත් මෙවැනි දරුවන්ට නුසුදුසු අසභ්‍ය වීඩියෝපට බොහෝමයක් මේ දිනවල “යූටියුබ් trending” පවා පැමිණ තිබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට  නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත. මෙලෙස ළමුන් ඉලක්ක කරගනිමින් අසභ්‍ය අන්තර්ගතයන් යූටියුබ් වෙබ් අඩව්වියට මුදාහරින යූටියුබ් නාලිකාවන් නමයක් මූලික වශයෙන් හදුනාගැනීමට  අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ. එම නාලිකාවලට අයත් url යොමු පහතින් දැක්වේ.

  1. https://www.youtube.com/channel/UCR8vQph0lzlbQ_gq34XeIIg
  2. https://www.youtube.com/channel/UCTKb3Jzx1gWS9_dObSy5PEQ,
  3. https://www.youtube.com/channel/UCCUFSqHd6WBjqa98uVbQLDg
  4. https://www.youtube.com/channel/UCbPfmFkWGEcafxzvBYYbrDQ
  5. https://www.youtube.com/channel/UCKqr80DjhS7EBp6K13aqO4w
  6. https://www.youtube.com/channel/UCAVRWQPibNId0NAQ7I7BIQg
  7. https://www.youtube.com/channel/UCFaT-Odn8KTpHo2e1x8xT3w
  8. https://www.youtube.com/channel/UC3qyQka81Ao3mM6-O_tYjqg
  9. https://www.youtube.com/channel/UCVrWAHgcC0j8ww3_S6sQNtQ

මේ සම්බන්ධයෙන් කඩිනමින් ඔබ ආයතනවල අවධානය යොමු කොට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.                                                             

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

t

o

p