මගී ප්‍රවාහන බස්රථවලට හා එහි ගමන් කරන මගීන්ට දැනුම් දීමක්

October 28, 2020

ලංකා ගමනා ගමන මණ්ඩලයේ හා පෞද්ගලික බස්රථවල අංකය, බස්රථයේ ඇතුලත මගීන්ට හොදින් පෙනෙන ආකාරයට ස්ථාන කිහිපයක අලවා තබන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කර සිටියි.

  එහිදී එම බස්රථයේ ගමන් ගන්නා මගීන් එම අංකය සටහන් කර ගැනීම වැදගත් වේ.   

යම් හෙයකින් එහි ගමන් කළ මගියෙකුට කොරෝනා වෛරසට ආසාදනය වූ බවට සොයා ගත හොත් ඔහුගෙන් ගමන් ගත් බස්රථ පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ අනුව එම බස්රථ අංක මාධ්‍ය ඔස්සේ දැනුම් දී එහි ගමන් කළ අනෙක් පිරිසට ස්වයං නිරෝධායනයකට ලක් වීමේ හැකියාව පවතින බවත් අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

t

o

p