කොව්ඩ් – 19 වෛරසය වැලැක්වීමට දේශිය ඹෟෂධ

October 9, 2020

දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් – 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඹෟෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

එම ඹෟෂධ සියල්ලම 100% දේශිය ශා‍කසාර යොදා ගනිමින් නිෂ්පාදන කර තිබෙන බව පවසන අමාත්‍යවරයා “සදංග පානය“ සහ “සුවධරණි ප්‍රතිශක්තිකරණ පානය“ නමින් එම ඹෟෂධ නම් කර ඇත.

මෙම ඹෟෂධ එළී දැක්වීම ලබන ඹක්තෝම්බර් 12 වන දා සිදුවන බවත්, එම ඹෟෂධ අද (09) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වා තිබේ.

t

o

p