වේයන්ගොඩ අධිආරක්‍ෂිත කලාපයක් කරයි

October 9, 2020

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ වේයන්ගොඩ ප‍්‍රදේශය අධිආරක්‍ෂිත කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ඊයේ දහවල් රජය කටයුතු කරනු ලැබීය.

 වේයන්ගොඩ ප‍්‍රදේශයෙන් කොරෝනා වෛරසය සමාජය අතරට පැතිර යෑමේ අවදානම් තත්ත්වයක් මතුවී තිබීම නිසා එම ප‍්‍රදේශය අධිආරක්‍ෂිත කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ බව යුද හමුදාව සදහන් කළේය.

මේ වන විට උද්ගතවී තිබෙන ගැටලූකාරී තත්ත්වය හමුවේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ සේවය සදහා අමතර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් 40 දෙනකු රාජකාරී සදහා යොමු කිරීමට ඊයේ දහවල් රජය කටයුතු කර තිබිණි.

දැනට ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් 200 දෙනකු සේවයේ යෙදී සිටින අතර ඔවුන්ට අමතරව මෙම පිරිස ගම්පහ දිස්ති‍්‍රක්කයේ සේවයට එක්කෙරුණු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පැවසීය.

t

o

p