කුණු කන අලියා ලෙඩ වෙලා

October 9, 2020

අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අෂ්රෝෆ් නගර්හි පිහිටි දීඝවාපිය කසළ කන්දේ එකතු වන කැළිකසළ කමින් සිටි අලියකු හදිසියේ රෝගී වී එම ස්ථානයේම ඇදවැටී සිටින බවට ලද තොරතුරක් මත එම අලියාගේ දිවි ගලවා ගැනීමට ප්‍රතිකාර ආරම්භ කළ බව අම්පාර වන ජීවී පශු වෛද්‍ය සෞඛ්‍ය කළමනාකරණ ඒකකය පවසයි.

පොලිතීන් වැනි දෑ සමඟ කසළ ගිල දෑමීමෙන් මෙම සතාගේ බඩවැල්වලට හානි සිදුවී ඇති බවට සැකපළ වන බව පශු වෛද්‍ය නිලධාරී එච්.එන්.එස්. සුරංග මහතා පැවසීය.

වයස අවුරුදු 10ක පමණ තරුණ අලියකු මෙසේ රෝගීවී ඇති අතර දැනට දින තුනක පමණ කාලයක් මෙම සතාට ප්‍රතිකාර ලබාදෙන බවද පශු වෛද්‍යවරයා පැවසීය.

t

o

p