දිවුලපිටියේ කොවිඩ් රෝගියා හමුවුණේ අහම්බෙන්!

October 5, 2020

සෙනඟ ගැවසෙන ඉසව් නවත්වන්නැයි සෞඛ්‍ය ඇමති ඉල්ලා සිටී.

කොවිඩ් පිලිබද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීම ගැන විපරම යලි දැඩිව සිදුකෙරේ

“යම්කිසි උණ තත්ත්වයක්, රෝග ලක්ෂණයක් තමන්ට තිබෙනවා නම් තමන්ට අයත් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුලු වන්න. මොකද මේ රෝගියා අපට සොයා ගැනීමට හැකි වුණේ අපි සෑම ප්‍රධාන රෝහලකටම උපදෙස් ලබාදී තිබෙනවා සෑම දිනකම 10 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරිම සදහා අවශ්‍ය නියැදි ලබාගන්නා ලෙස. ඒ අනුව තමයි මෙම රෝගියා සොයා ගැනීමට හැකි වුණේ. නැවැත ස්ථාන 03 කින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි නිශ්චිතවම කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙන්නේ. මේ රටේ කොවිඩ් -19 පාලනයට ඉතා තදින් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේ දීත් ගනු ලබනවා.”

කොවිඩ් – 19 පාලනයට ජනතාව ලබාදුන් සහයෝගය නැවත ලබාදෙන්නසෞඛ්‍ය උපදෙස් පිළිපදින්නසෞඛ්‍ය මාර්ගෝපදේශණ සියළු අංශ පිළිපදිනවා ද යන්න සෞඛ්‍ය අංශ මගින් තදින් සොයා බැලීමට කටයුතු කරනවා – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

t

o

p