තත්වය අවදානම්..දිවුලපිටියේ කතට කොරෝනා හැදුනු ක‍්‍රමයක් නොදනී

October 5, 2020

ගම්පහ ප්‍රදේශයේ පදිංචි ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කරයි.

එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම ළඟම ඇති රෝහලට යන්නැයි වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් මහතා දැනුම් දී ඇත.

රෝහල් ගත වී කොරෝනා පරීක්ෂණයක් සදහා යොමු වන ලෙසද ඔහු උපදෙස් නිකුත් කර තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීම හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇත්තේ ඇයට රෝගය වැලදුනු ආකාරයක් මෙතෙක් හෙලි නොවීම හේතුවෙනි.

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර ගම්මාන හතක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

t

o

p