දියගම්පල කාන්තාරයක් කරනු එපා! කොටදෙනියාවේ වැසියෝ හඬ නඟති

October 3, 2020


ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු මායිම වන මාඔයට නොදුරින් පිහිටි කොටදෙනියාව, දියගම්පල ප්‍රදේශයේ හල්ලොලු කන්ද ආශ්‍රිත වැඩ ඇරඹීමට සැරසෙන මහා පරිමාණයේ කළුගල් කැඩීමේ ව්‍යාපාරයකට එරෙහිව එම ප්‍රදේශවාසීහු සිය බලවත් විරෝධය  පළ කරති.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජෛව විවිධත්වයෙන් අනූන,ප්‍රදේශයේ වටිනා ජල මූලාශ්‍ර නවයක පෝෂක කලාපය වන ලොලුව රක්ෂිතය මායිමේ පිහිටි අක්කර හතලිස් අටක භුමි ප්‍රමාණයක් වේයන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු සතු පෞද්ගලික ආයතනයක් මඟින් මෙම පාරිසරික හානියට ලක් කිරීමට සැළසුම් කොට ඇතැ‍යි  ප්‍රදේශ වාසීහු චෝදනා කරති.

 ඔවුන් වැඩිදුරටත් අදාල බලධාරීන් ගෙන් ඉල්ලා සිටිනුයේ ගම්පහ දිස්ත්‍රක්කයේ සදාහරිත තෙත් බිම් කඩක් වන දියගම්පල කාන්තාරයක් බවට පත් නොකරන ලෙසය..මෙම කළුගල් කැඩීමේ ව්‍යාපෘතිය මීට වසර විස්සකට පමණ පෙර ආරම්භ කොට තිබුණ ද අධික ශබ්දය,වායු දූෂණය,අවට නිවාස ඇතුළු පෞද්ගලික දේපල වලට  හානි පැමිණීම ප්‍රදේශයේ ජල උල්පත් සිඳී
යාම ආදී හේතූන්  මත හටගත් ජනතා විරෝධය මත එය මෙතෙක් නවතා දමා තිබිණ.

එහෙත්,අදාල බලවතුන් ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් වෙතින් අයථා ලෙස  ලබා ගත් එකඟතාව මත මෙම ව්‍යාපාරිකයා නැවතත් එම බිහිසුණු පරිසර සංහාරයට මුල පුරා ඇතැ‍යි යන්න එම ප්‍රදේශවාසීන් ගේ චෝදනාවය.මේ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ දිවුලපිටිය බහු විනාශකාරී
ක්‍රියාවන්ට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම් කරු ඩයස් සමරක්කොඩි මහතා මෙසේ කීය.”හල්ලොලු කන්ද ආශ්‍රිත මහා පරිමාණයේ කළුගල් කැඩීමේ ව්‍යාපාර නිසා අද මේ ප්‍රදේශයේ ජනතාවට සිදු වෙමින් තියන හානිය මතු කවදාවත් ප්‍රතිපූරණය කරන්න බැහැ.දැනටත් මේ අවට  හල්ලොලු කන්ද ආශ්‍රිත වැඩ ඇරඹීමට සැරසෙන මහා පරිමාණයේ කළුගල් කැඩීමේ ව්‍යාපාර තුනක්ම පවත්වාගෙන යනවා.

ඒවායින් එක දවසකට කළුගල් ටිපර් තුන් හාරසීයක් එළියට යනවා,ඔය අතරේ මේ වැඩ පලත් පටන් ගත්තොත් ඒකාන්තයෙන්ම ඒ ප්‍රමාණය දෙගුණ වෙනවා”.
මේ අතර ඉකුත් මාර්තු සහ ජූලි මාස වල දී ද ක්ෂේත්‍ර පරී­ක්­ෂ­ණ­යක් සඳහා
කියමින් නිල­ධා­රින් කණ්ඩායමක් පැමි­ණි­ය ද ප්‍රදේශවාසීන් ගේ විරෝ­ධය
නිසා ඔවුන්ට ආපසු හැරී යන්නට සිදු­විය.

පසු ගිය ජූලි මාසයේ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාං­ශය , ඇතුළු ආය­තන ගණ­නා­වක නිල­ධා­රීන් එම භූමි­යට පැමිණි බව දැනගත් ප්‍රදේශවාසීන් වහා එහි එක් රැස් ව නිලධාරීන් ආපසු යන අව­ස්ථා­වේ දියගම්පල නාවාන මාර්ගය අවහිර කොට ඔවුන් හා සාක­ච්ඡා­වක් ඉල්ලා සිටි­යහ.

එහෙත් ඊට යහපත් ප්‍රතිචාරයක්  නොදැක්වූ අතර එම නිල­ධා­රීන් වාහ­න තුළට වී සිටි මුත් ප්‍රදේශවාසීන් ඉදිරියට පැමිණි ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තු නිල­ධා­රි­යෙක් ගල්වල සම්බ­න්ධ­යෙන් අවසන් තීර­ණ­යක් ගෙන නැති බවත් ඒ සඳහා ජනතා අද­හස්  අවශ්‍ය බවත් කියා සිටියේය.

මෙහි දී වස­රක සිට වරින්වර මේ ගැන නිල­ධා­රින් දැනු­වත් කළත් පලක් නැතැයි
චෝදනා කළ ජන­තාව ප්‍රදේ­ශයේ ග්‍රාම නිල­ධා­රීයා වත්දැනුවත් නොකොට හොර රහසේ මෙවන් පරී­ක්ෂ­ණ­වලට පැමි­ණීම සම්බ­න්ධ­යෙන් තමන් තුළ සැක පවතින බව ද කියා සිටියහ.

සහන් සංකල්ප සිල්වා

t

o

p