අසරණ-වියපත් පිරිසට සරණ වන ආදර්ශවත් රණවිරුවෙක්

October 2, 2020

දෙනෙත් අන්ධභාවයට පත්වුු මව්වරු නොමිලේ රැක බලාගන්නා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන වීර රණවිරුවකුගේ උතුම් පුණ්‍ය කර්මයක් සිදුකෙරෙන මධ්‍යස්ථානයක් කිරිඳිවැල මයිලවලාන ග්‍රාමයේ ආරම්භ කර ඇත.

මෙහි සියලු පහසුකම් සහිතව ඇඳන්, ඇඳ ඇතිරිලි, රෙදිපිළි ද සහිතව 20 දෙනකුට ජිවිතාන්තය දක්වා නේවාසිකව සිටිය හැක. මෙහි කිසිම මුදලක් අය නොකිරීම විශේෂත්වයක් වන අතර රැකබලා ගැනීමට පාලිකාවක් ද මෙහි නේවාසිකව සිටී. රෝගි වු විට ප්‍රතිකාර ලබා දිම හා ආහාර සැපයීම ද කරන අතර කැමති කෙනකුට දින වෙන්කර ඒ පුණ්‍යකර්මයට දායක විය හැකිය.

මෙම රණවිරුවාට හිමිව තිබු ඉඩම් කැබැල්ලක මෙම නිවස සාදා ඇත. ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි. තවමත් රාජකාරියේ යෙදී සිටින ඔහු දීර්ඝ කාලයක් තුළ කරගෙන යමින් සිටින සේවාව අගය කරමින් මුළු දිවයිනටම සාම විනිසුරු, ඇතුළු ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබූ මොහු ජිවන් ප්‍රසාද් ලියනගේ නම් වු ඔහු රණවිරුවෙකි.

රට පුරා බොහෝ ප්‍රදේශවල නැතිබැරි අය සඳහා නිවාස සදාදීම, නැතිබැරි අය සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම පමණක් නොව මේ වන විට ආබාධිත ඕනෑම කෙනෙකුට රෝදපුටු ලබා දීම සිදුකරන අතර මේ වන විට දහස් ගණනකට රෝද පුටු බෙදා දිම කර ඇත. මේ වන විටත් දොම්පෙ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ වේරහැර ග්‍රාමයේ දිළිඳු පවුලකට නිවෙසක් සාදා දීමේ කාර්යයෙහි මොහු යෙදී සිටී. මෙම කර්තව්‍ය සඳහා විදෙස් රටක වැඩවසන හිමිනමක් පූර්ණ අනුග්‍රහය ලබා දී ඇත.

මෙම වැඩිහිටියන් සඳහා ඉදිවු මෙම නිවස ආරම්භ කර මාස 3ක පමණ කාලයක් ගතවන අවස්ථාවේ ඒ් වෙනුවෙන් පසුගියදා අන්ධ 100 දෙනකු මෙම ස්ථානයට කැඳවා ඔවුන් සඳහා දහවල් ආහාරපාන ලබා දිීම මෙන්ම ඔවුන්ගේ කුසලතා එළිදැක්වීම සඳහා දහවල් කාලයේ පැදුරු සාජ්ජයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණි. මෙම කර්තව්‍යයන්හිදී ලියනගේ මහතාගේ බිරිඳ දක්වන සහය ඉතාම අගය කළ යුතුය.

මෙයට ඔබටද සහාය දැක්විය හැකිබව මොහු පවසා සිටී.දුරකතන අංකය -077 -8344494

t

o

p