කැපූඇළට බලු කරදර

October 2, 2020

බළපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් කැපූඇළ ගමේ පදිංචිකරුවන් සිව් දෙනකු පසුගිය සතිය ඇතුළත අයාලේ යන සුනඛයකු සපා කෑම නිසා එම ප්‍රදේශවාසීන් ඉහත් බියකින් පසුවන බව කැපූඇළ පදිංචිකරුවකු වන සුනිල් පැස්කුවල් මහතා දිනමිණට පැවැසුවේය.

තමාගේ බිරිය නිවෙසේ මුළුතැන් ගෙයි සිටියදී එතැනට කඩා වැදුණු සුනඛයකු බිරියගේ අත පය සපා කා තමා සුරතලයට ඇති කරන සුනඛයා සහ බළලා ද සපා කා පැන ගිය බවද සුනිල් මහතා වැඩි දුරටත් කීය. දැනට තම ගමේ සිව් දෙනකු මේ සුනඛයා විසින් සපා කා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

t

o

p