පාඨලීගේ හිටපු රියදුරුට මහාධිකරණයෙන් වරෙන්තු

September 30, 2020

2016 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු
අමාත්‍ය පා.ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තාට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරන ලදි.

ඒ, පාඨලී චම්පික රණවක මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව
නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව අද උදෑසන කොළඹ මහාධිකරණයේදී (අංක 04) විභාගයට ගත් අවස්ථාවේදීය. එහිදී දෙවන විත්තිකරු හෙවත් දිලුම් තුසිත කුමාර නැමැත්තා නඩුවිභාගයට පැමිණ නොසිටි අතර මහාධිකරණය විසින් ඔහුට වරෙන්තු නිකුත්කරන ලදි.

මෙම නඩුවේ මුල් අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් පැනවූ
විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම වෙනසකින් තොරව පෙර පරිදිම පවත්වාගෙන යාම සඳහා නීතිපති දෙපාර්තුමේන්තුව නියෝජනය කල නීතිඥවරයා විසින් කල ඉල්ලීමට අධිකරණයේ අවසරය හිමි විය.

එමෙන්ම සෑම මසකම පළමුවන සතියේ සිකුරාදා කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කරන ලෙස පා.ම පාඨලී චම්පික රණවක මහතාට සහ නඩුවේ තුන්වන විත්තිකරු වන සුදත් අස්මඩල මහතාට මහාධිකරණය විසින් අද නියම කරන ලදි.

පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමතිලක මහතා,
නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සහ නීතිඥ රජික කොඩිතුවක්කු මහතා ඇතුලු නීතිඥ මඩුල්ලක් මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

t

o

p