නියමිත වට ප්රමාණයට අදාල මිලට වඩා වැඩි මිලට පොල් අලෙවි කල වෙළදුන් 56 දෙනෙකුට එරෙහිව ඊයේ (28) දිනයේ නීතිමය ක්රියාමාර්ග ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්රකාශ කරයි.
එම අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී අදාළ වෙළඳුන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ, ගම්පහ ,පුත්තලම, කුරුණැගල, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය , බදුල්ල, මොනරාගල, සහ මාතලේ යන දිස්ත්රික්කවල ඊයේ දිනයේ මෙම වැටලීම් සිදුකර ඇති බව අධිකාරිය පවසයි.