දිවිපිදූ සිවිල් ආරක්ෂකයන්ට පුෂ්පෝපහාර

September 16, 2020

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සිහිපත් කරමින් මිහින්තලේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්ප උපහාර දැක්වීම පසුගියදා සිදු කෙරිණි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 14 වැනි සංවත්සරය නිමිති කර ගනිමින් රට වෙනුවෙන් දිවිපිදු එම බළකායේ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්ප උපහාර පුද කිරීම සිදු කළේය. මේ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 545 සිය ජීවිත පුද කර ඇති අතර කාන්තා සෙබළියන් එකොළහක්ද ඒ අතර වේ.

මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අචාර්ය වළවාහැංඟුනවැවේ ධම්මරතන නාහිමි ප්‍රමුඛ සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාද මධ්‍යයේ මෙම පින්කම පැවැත් විණි.

t

o

p