එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය රනිල්ට දිය යුතුයි

September 7, 2020

එක්සත් ජාතික පක්‍ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දිය යුතු බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එම පක්‍ෂයේ 74 වැනි සංවත්සරයට එක් වෙමින් සිරිකොත පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිටදී ඊයේ (06 දා) මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා පැවසුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය ලබා ගැනීම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතික්‍ෂේප කර සිටින නමුත් නව තත්ත්වයන් හමුවේ එම මන්ත‍්‍රී ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීම වඩාත් සුදුසු බව තමන් පෞද්ගලිකව සිතන බවයි.

t

o

p