දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ රතු නිවේදනයක්

September 7, 2020

කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ඊයේ (06) දින රාත්‍රියේ දි නිකුත් කළ නායයෑමේ අවදානාත්මක නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සිතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නෙළුව සහ නාගොඩ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය නිකුත් කොට තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, කෑගල්ල සහ යටියන්තොට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට, ඇළපාත සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ක්‍රියාත්මක කර තිබේ.

t

o

p