ආණ්ඩුව අවුරුදු පහක් යන්න ඉස්සර මාතලේ කාන්තාරයක් හදලා දෙනවා

September 6, 2020

මුළු මාතලේම තැන තැන ඉඩම් අල්ලනවා.  අනවසර ගොඩනැගිලි ඉදිකරනවා.  කැලෑ කපනවා. 

රටම නීතියක් නැති තැනකට යනකොට, රට මැද සම්පත් පිරුණු මාතලේ එකේ ලොකුම ගොදුර බවට පත් වෙමින් තිබෙනවා. සිංහරාජය, කලපු ආශිත ප්‍ර දේශවල පරිසරය විනාශ කරනකොට ඒවාට දැඩි අවධානයක් ලැබෙනවා.

නමුත්, මාතලේ රත්තොට, නකල්ස්, මොරගහකන්දේ කැලෑ කපනකොට ඒ අවධානය ලැබෙන්නේ නැතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. 

මාතලේ නාලන්ද පැවති උත්සවයක් අමතමින් කථා කළ කවිරත්න මහත්මිය, මාතලේ මුවගල කන්දේ සංවේදී පරිසර කලාපයට කැලෑපාළුවෝ අතගහලා තියෙනවා.  හෝටලයක් හදන්න කියලා, මුවගල කන්දේ ගස් කපනවා.  මෙහෙම ගියොත්, උඩුපිහිල්ල, කිරිමැටියාව, දෙකේ කණුව  ගම්මානවල බොන වතුර ටිකක් නැති වෙනවා යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.

අද මේ ආණ්ඩුව තමන්ගේ තැරැව්කරුවන්ට ආදායම් උපයගන්න වනාන්තරටික, තෙත්බිම් ටික, සිංහරාජය, පුත්තලම – මීගමුවේ කඩොලාන ටික විනාශ කරන්න දෙනවා.  වැලි හෑරිල්ල නිසා මුළු විල්ගලමුවම දැන් විනාශ වෙනවා.  මහ පොළොවේ පස් ටිකයි, ගගේ වැටි ටිකයි, කැළේ ගස් ටිකයි කපන ආණ්ඩුවක් අද බිහි වෙලා තියෙනවා. 

මැතිවරණ සමයේ මේ ගම්වලට එනකොට රක්ෂිතයේ තිබුණ ගස්ටික ආණ්ඩුවට සති දෙකක් යන්නටත් පෙර කපනවා. මෙහෙම ගියොත් මේ අවුරුදු පහ යන්නටත් ඉස්සර ආණ්ඩුව මාතලේට කාන්තාරයක් හදලා දෙනවා යැයි ද පැවසීය.  

රෝහිණී කවිරත්න

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි

t

o

p