චීන මොබයිල් ඇප් 118ක් ඉන්දියාව තුළ තහනම්

September 5, 2020

චීන සමාගම්වලට අයත් දුරකතන යෙදවුම් 118ක් භාවිතයෙන් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

තම රටේ සෛවරී භාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට මෙම පියවර ගත් බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

කැම්කාඩ්, වීචැට් හා පබ්ජී ඇතුළු තවත් දුරකතන යෙදවුම් රැසක් මෙම තහනමට යටත් වනවා.

යෙදවුම් තහනම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව හා එයට දැඩි විරෝධය පළකරන බව චීන වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

t

o

p