විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාගමනක් කඹුරුපිටියේදී

September 4, 2020

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අන්තර්කරණ අධ්‍යාපනයට යොමු කිරීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ පා ගමනක් කඹුරුපිටිය බටපත්තල ශ්‍රී උපසේන පිරිවෙන් විහාරස්ථානයේ සිට කඹුරුපිටිය බස් නැවතුම් පොළ දක්වා පසුගියදා පැවැත්විණි .

දැනට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන පාසල්වල අධ්‍යාපනය හදාරන දරුවන්, සාමාන්‍ය පාසල්වල ඇති විශේෂ අධ්‍යාපන ඒකකවලට යොමු කොට ඉගෙන ගැනීමට සැලැස්වීම මේ වැඩ සටහනේ අරමුණ වේ .

තංගල්ල නව ජීවන ආයතනයේ අනුග්‍රහය මත කඹුරුපිටිය දිරිය ශක්ති ස්වශක්ති සංවිධානය , කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යපන ඒකකය මඟින් මේ පා ගමන සංවිධාන කොට තිබිණි .

t

o

p