රාජ්‍ය ආයතන සතු වාහන අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට අනුමැතිය

September 4, 2020

රජයේ ආයතන සතු ධාවන තත්ත්වයේ පවතින වාහන අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, එසේ කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් අපහරණය කිරීමටත් රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වැවිලි ඇමැති සහ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

මුදල් විෂය භාර ඇමැතිවරයා වශයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවද ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

t

o

p