පල්ලෙකැලේ පොළව සෙලවීමත් සමඟ කෙබරයක් පැතිරිලා!

September 3, 2020

ඊයේ (02) පෙරවරු 07.06 ට පමණ මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ සිදු වූ පොළොවේ සෙලවීමක් වාර්තා වී ඇති අතර මෙය කන්ද උඩරට සිදු වූ අසාමාන්‍ය පුරුෂයකු ගේ ලොව පහළ වීමක් සංනිවේදනය කරන්නක් බවට මහනුවර ආශ්‍රිත ව කටකතා පැතිරෙමින් පවතින බව වාර්තා වෙයි.නමුදු මෙම සිදුවීම.භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති බවත් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පැවසීය.
නමුදු මෙම ස්වාභාවික සිදුවීම මුල් කරගෙන මහනුවර ප්‍රදේශයේ පැතිර යන කට කතාව කෙසේ වත් සත්‍යයක් විය නොහැකි අතර එය මිථ්‍යා ජාවාරම් කරුවන් හෝ බෞද්ධ සමාජය අපහාසයට ලක් කිරීමේ අරමුණින් කිසිවකු විසින් ගොතන ලදුව බෞද්ධයන් අතරට පත් කරන ලද අසත්‍යයක් විය හැකි බව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ කියති.එමෙන්ම ඒවා පැතිරයාමෙන් ජනතාව අවදියෙන් සිටිය යුතු තත්වයක් සම්බන්ධ සත්‍ය තත්වය  ජනතාවගෙන් වසන් වන බව පවසන උන් වහන්සේ                                                                                                                                                                 ජීවිතය,සමාජය සහ ලෝකය පිළිබඳ ව ගුප්ත විශ්වාස වලින් තොර යථාර්ථවාදී විවරණයක් සහිත බුදු දහම පිළිගන්න බෞද්ධයා තම එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් සම්බන්ධයෙන් ද මීට යථාර්ථවාදී ලෙස  සිතිය යුතු බව ද අවධාරණය කරති.
පසුගිය 29 වනදා රාත්‍රීයේ මහනුවර, අනුරගම ප්‍රදේශයෙන් ද පොළොව සෙලවීමේ සිදුවීමක් වාර්තා වූ අතර ඊට නිශ්චිත හේතුව ද මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධ භූ විද්‍යාත්මක විමර්ශන අරඹා ඇත

තිලක් සේනාසිංහ

t

o

p