කල්පිටියේ වන සංහාරයක්

September 3, 2020

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ කළපුව ආශ්‍රිත වෙරළ තීරයේ ඉස්සන් වගාව සඳහා කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එහි පිහිටි ස්වාභාවික කඩොලාන පද්ධතිය විනාශයටද ලක් කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත වන සංහාරයක් සිදුව ඇති බවට පරිසරවේදියෝ චෝදනා නඟති.

ඉස්සන් ගොවිපළේ පිහිටි ඉපැරැණි ඉස්සන් පොකුණු නවීකරණය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මොවුන් කාර්යක්ෂම ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගනිමින් කළපු තීරයට යාබදව පිහිටා තිබූ ස්වාභාවික කඩොලාන පද්ධතිය සම්පූර්ණයෙන් විනාශයට ලක් කරමින් දැවැන්ත පාරසරික හානියක් සිදු කර එහි නව ඉස්සන් පොකුණු ඉදි කර ඇති බවට පරිසරවේදියෝ චෝදනා කරති.

t

o

p