මහනුවර සුළු කම්පන තත්ත්වයන් භූමි කම්පාවක පෙරනිමිති විය හැක

September 3, 2020

මහනුවර දිගන අඹකොටේ හා අලුත්වත්ත ප්‍රදේශවල ඇතිව තිබෙන සුළු කම්පන තත්ත්වයන් භූමි කම්පාවක පෙර ලක්ෂණ විය හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ඛනිජ සමීක්ෂක නලින් ද සිල්වා මහතා පවසයි.

මේවා නිගමන පමණක් බවත් එය ස්ථිරවම සිදුවන බව කිසිවිටෙකත් ඉන් ගම්‍ය නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දිගන අඹකොටේ ප්‍රදේශයේ ඊයේ (02) පෙරවරුවේ ඇති වූ කම්පන තත්ත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් සිල්වා මහතා මේ බව පැවසුවේය.

t

o

p