අධික වැසි අදත්

September 3, 2020

ඉදිරි පැය කිහිපය තුළදීත්, දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර දෙසීය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ පහළ වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වභාවය මෙම හදිසි තද සුළං සහ වැසි තත්ත්වයට හේතු වී ඇති බවය. 

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි ඇද හැලුනේ මිලිමීටර 200 ඉක්මවූ ඉහළ වර්ෂාපතනයක් වාර්තාකරමිනි.

මෙලෙස ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටීම නිසා නිවාසවලට හානි සිදුව තිබූ අතර මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතුද ඇනහිට තිබුණි.

උද්ගතව ඇති තත්වය සමඟ ජාතික ගොඩනැගිල පර්යේෂණ සංවිධානය ගාල්ල, කළුතර, රත්නපුර , කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබේ.

t

o

p