විදුලිය විසන්ධි වුණේ අත්වැරැදීමකින්

August 22, 2020

මුළු දිවයිනටම විදුලිය විසන්ධි වුණේ කෙරවලපිටිය ප්‍රධාන විදුලි උපපොළේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරීවරයකුගෙන් සිදු වූ අත්වැරැදීමක් නිසා යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා මහතා රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

නඩත්තු කටයුතු අවසාන කොටස නිම කරමින් සිටියදී ඔහුගේ අතින් මෙම අත්වැරැද්ද සිදු ව තිබෙන බවත් මේ නිසා නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි ජනන යන්ත්‍ර තුන විසන්ධි වී තිබෙන බවත් හෙතෙම පැවැසීය.

t

o

p