සැප්තැම්බර් 2 දා සිට පාසල් පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා

August 22, 2020

කොවිඩ් වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දී යළි ආරම්භ කැරුණු රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල 10,11,12,13 ශ්‍රේණි සඳහා දැනට ක්‍රියාත්මක පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් 02 වැනි බදාදා සිට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 තෙක් පැවැත්වීමට තීරණය කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී ඇත.

ඒ අනුව, පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණි සඳහා අගෝස්තු මස අවසන් වන තෙක් පමණක් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වේ. 

t

o

p