විදුලි බිඳවැටීමෙන් වූ අපහසුතාවයට ඩලස් ජනතාවගේ සමාව ඉල්ලයි

August 21, 2020

විදුලිබල ඇමතිවරයා ලෙස තමන් වැඩ භාරගෙන පැය අනුහයක් ඇතුළත සමස්ථ දිවයිනේ සිදුවූ විදුලිය බිඳවැටිම සම්බන්ධයෙන් ජනතාවගෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය.


එම වරද මෙන්ම විදුලිබල ක්ෂේත්‍රය තුළ පවතින අඩුපාඩු හා වැරදි අවම කිරීම ද තම අරමුණ බවත් ඇමතිවරයා පැවසීය.


මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට තිහක් ඩිසල් ආශ්‍රයෙන් උත්පාදනය කරන බවත් අධ්‍යාපනයට වැයකරන මුදලට ආසන්න මුදලක් ඒ සඳහා වැයකරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.


ඩිසල් මගින් වාර්ෂිකව උද්පාදනය කරන විදුලිය ප්‍රමාණය පුනර්ජනනිය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරිමට සැළසුම් කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.


ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේදි ඊයේ (21) පැවැති විවාදයට එක් වෙමිනි.

t

o

p