මංගල සැසියේදි විග්නේෂ්වරන්ගේ කතාවට විපක්ෂයෙන්ම විරෝධය

August 21, 2020

නම වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර සි. වී. විග්නේෂ්වරන් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශයේ ඇතැම් කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (21) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය .


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිව්රුම් දෙනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කරන බවට දිව්රුම් දෙන බවත් මන්ත්‍රීවරය දෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.


එම අවස්ථාවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනේ සිටි අතර ඒ සම්බන්ධයෙන් සොයා බලන බවද කතානායකවරයා පැවසීය.


එහිදි වැඩදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මහතා
එහිදී “අපි දිවුරුම් දෙනකොට මේ රටේ වෙනම රාජ්‍යක් සකස් කිරීම, ඊට අනුබලදීම, ඒ සඳහා අනියමින් හෝ ආධාර අනුබලදීම අපි සිදු කරන්නේ නෑ කියලා මේ පාර්ලිමේන්තුවේ අපි දිවුරුවා. නමුත් මේ රටේ සියලු දෙනා ශ්‍රී ලාංකික ලෙස ජනතාව පිළිගන්න තැනට රටම ඇවිත් තියෙන වෙලාවේ දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව සහ නිජභූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව හැටියට ඊයේ විග්නේෂ්වරන් මන්ත්‍රිවරයා මේ පාර්ලිමේන්තුවේ සඳහනක් කළා. ඒ සඳහන මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි.” .

t

o

p