උපාධිධාරීන් 60000 කට පත්වීම් දෙන්න කැබිනට් අනුමැතිය

August 21, 2020

උපාධිධාරින් 60000 කට පත්වීම් ලබාදිම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි විදේශ සබඳතා ඇමති, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය.


උපාධිධාරින් රැකියාගත කිරිමේ වැඩසටහන යටතේ අයදුම්පත් 91764 ක් ලැබී තිබුණ බවත් එම පිරිස අතරින් 59556 ක් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් ලෙස හදුනාගෙන තිබුණු බවත් සභානායකවරයා සඳහන් කළේය.


එම පිරිස සඳහා පුහුණුවට කැඳවීමේ ලිපි මැතිවරණයට පෙර යොමුකිරීම ආරම්භ කළද මැතිවරණ කොමිෂම විසින් එය අත්හිටවූ බවත් අත්හිටුවන අවස්ථාව වනවිට උපාධිධාරින් 45869 ක් සඳහා ලිපි නිකුත් කර තිබූ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.


උපාධිධාරින් ලෙස පත්වීම් ලැබීමට සුදුසුකම් ලැබූ  පිරිසෙන් 6187 සේවක අර්ථ සාධක අරමුදලට සක්‍රිය දායකත්වය දක්වන බවට අනාවරණය වුවද එම පිරිසද ඇතුළත්ව උපාධිධාරින් 60000 ක් සඳහා රැකියා අවස්ථා ලබාදිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් වැඩිදුරටත් පැවසීය.


දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතරු දෙමිනි.

t

o

p