පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ.

August 21, 2020

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 හි විධිවිධාන ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව පත් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂ නායකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් 12 දෙනෙකුගෙන් තේරීම් කාරක සභාව සමන්විතය.

නිමල් සිරිපාල ද සිල්වා , දිනේෂ් ගුණවර්ධන, පෝන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක , රවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්වම් අඩෛක්කලනාදන් යන මහත්වරු කථානායකවරයාට අමතරව තේරීම් කාරක සභාවට ඇතුළත් වෙති.තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද (21) පස්වරු 2.00 ට ගරු කථානායකතුමාගේ නිල කාමරයේදි රැස්විය

t

o

p