පැකැට්ටුවක් රුපියල් දහස බැගින් මත්කුඩු අලෙවි කරන කාන්තාවක් අවිස්සාවේල්ල සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ නිල සුනඛ “කිකේ“ ගේ සහායෙන් මත් කුඩුද සමඟ යටියන්තොට ගරාගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව යටියන්තොට පොලීසිය පවසයි.
ලද තොරතුරක් මත සීතාවක පුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් පරිදි යටියන්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.පී.කේ. චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.